ගැලනිගම සහ දොඩන්ගොඩ අන්තර් හුවමාරු ස්ථාන අතර දී පාසල් සිසුන් රැගත් බස් රථයක් කැබ් රියකට ගැටෙයි – 10කට තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ දොඩන්ගොඩ අන්තර් හුවමාරු ස්ථාන අතර අද (21) පෙරවරුවේ පාසල් සිසුන් රැගත් බස් රථයක් කැබ් රියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 10 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.

මෙම අනතුරෙන් බස් රථ දෙකක් සහ මෝටර් රථ හයක් අනතුරට ලක්ව ඇත.

මෙම අනතුර හේතුවෙන් මාර්ගය අවහිර වී ඇති බැවින් ගාල්ලේ සිට කොළඹ බලා ධාවනය වන වාහන දොඩන්ගොඩ පිටවීම හරහා හරවා යැවීමට කටයුතු කළ අධිවේගී මාර්ග පොලිසිය පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website