අඟුරුවාතොට පොලිස් වසමේ පෙතිගමුව කන්ද ප්රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බවට අද (19) දින අළුයම අඟුරුවාතොට පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකරු අවුරුදු 37 ක් වූ හල්තොට ප්රදේශයේ පදිංචිකරුවෙකි.
ආරවුලක් දුරදිග යාමෙන් මරණකරුගේ සහෝදරයා විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.
ඝාතනය සම්බන්ධයෙන් අවුරුදු 35 ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර අඟුරුවාතොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.












