ටෙලිග්‍රෑම් සමූහයක් හරහා අන්තර්ජාල ව්‍යාපාර මුවාවෙන් මුදල් වංචා කළ 38 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට

අන්තර්ජාලය හරහා සිදු කරන ලද මුදල් වංචාවක් සම්බන්ධයෙන් 2024.02.10 වන දින ලද පැමිණිල්ලක් මත පරිඝණක අපරාධ විමර්ශන අංශය වයඹ පළාත් ඒකකය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

ඒ අනුව 2026.09.18 දින උදෑසන මෙම අපරාධයට ආධාර අනුබල දුන් සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත. සැකකාරිය විසින් ටෙලිග්‍රෑම් සමූහයක් හරහා අන්තර්ජාල ව්‍යාපාරයක් මගින් මුදල් ඉපැයිය හැකි බවට පවසා බැර කරවා ගන්නා ලද මුදල් රුපියල් 542,877/= ක (පන්ලක්ෂ හතලිස් දෙදහස් අටසිය හැත්තෑහත) මුදලින් රුපියල් 66,999/= ක(හැටහයදහස් නවසිය අනූ නවයක්) මුදලක් වංචා කර ඇති බවට අනාවරණය වී ඇත.

සැකකාරිය අවුරුදු 38 ක් වන බටුවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියකි.

පරිඝණක අපරාධ විමර්ශන අංශය වයඹ පළාත් ඒකකය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website