නාමල් රාජපක්ෂ සැප්තැම්බර් 29 දක්වා යළිත් රිමාන්ඩ්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සැප්තැම්බර් 29 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (18) නියෝග කළේය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර සහ සැකකාර නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු යන මහත්වරුන් කළ කරුණු සලකා බැලීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

රාජපක්ෂ මහතාගේ ඇප අයදුම්පත පිළිබඳ තීන්දුව එදින ප්‍රකාශයට පත් කරන බව ද මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයේ සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website