දරුවන් දෙදෙනෙකු මරණයට පත් කරමින් පසුගිය 11 වන දින අළුයම දෙහිවල කවුඩාන ප්‍රදේශයේ නිවසකට එල්ල කළ අත්බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු ඊයේ (17) බිබිල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
නාදුනන පුද්ගලයෙකු 2026.09.11 වන දින අළුයම දෙහිවල කවුඩාන ප්‍රදේශයේ නිවසකට එල්ලකළ අත්බෝම්බ ප්‍රහාරයකින් එම නිවසේ පදිංචිව සිටි පියා සහ දරු දෙදෙනා බරපතල තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුලත් කෙරුනි.
රෝහල්ගතකිරීමේදී අවුරු17 වයසේ සහ 11 වයසේ පසුවූ ළමුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්වූ අතර තවමත් ඔවුන්ගේ 55 හැවිරිදි පියා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවේ.
මෙම අපරාධය සිදුකළ ප්‍රධාන සැකකරුවන් ඇතුළු ආධාර අනුබල දුන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කණ්ඩායම් කිහිපයක් ක්‍රියාත්මක වූ අතර බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ විමර්ශන කොට්ඨාසය අනාවරණය වූ සාර්ථක තොරතුරක් මත නිවස තුළට බෝම්බය දැමූ සැකකරු ඊයේ (17) දින උදෑසන බිබිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට සමත්විය.
මෙම සැකකරු වයස අවුරුදු 39 ක් වන දෙහිවල ප්‍රදේශයේම පදිංචිකරුවෙක් වන අතර 2026.08.01 දින ගල්කිස්ස පොලිස් වසමේ කඳවලපාර ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයේ ද සැකකාර වෙඩික්කරු මෙම පුද්ගලයා බව විමර්ශන මගින් අනාරවණය වී තිබේ.
අත්බෝම්බ ප්‍රහාරය එල්ල කිරීම සඳහා මෙම සැකකරු පැමිණි පැමිණි ත්‍රී රෝද රථයේ පැහැය වෙනස් කිරීම සඳහා විදේශ රටක සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ මෙහෙයවීම මත ගරාජයක් වෙත රැගෙන ගිය අයෙකු සහ එම ගරාජයේ හිමිකරු මෙම අපරාධය සඳහා ආධාර අනුබල දුන් සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය 2026.09.14 දින සමත් විය.
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුට අත්බෝම්බ ප්‍රහාරය එල්ලකළ යුතු නිවස පෙන්වූ පුද්ගලයෙකු සම්බන්ධවද තොරතුරු අනාවරණය කරගැනීමෙන් අනරතුරුව 30 හැවිරිදි එම සැකකරුද 2026.09.17 වන දින දහවල් දෙහිවල දුම්රිය ස්ථානය අසලදී අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ විමර්ශන කොට්ඨාසය ප්‍රධාන සැකකරු නංවාගෙන අදාළ නිවසට ත්‍රී රෝද රථය පදවාගෙන ගිය 26 හැවිරිදි සැකකරුද 2026.09.17 වන දින සවස බොරලැස්ගමුව පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන ඇත.
ප්‍රශ්න කිරීමේදී විදෙස්ගතව සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ සිදුකරන සැකකරුවෙකුගේ මෙහෙයවීම මත මෙම අපාරධය සිදුවී ඇති බව අනාවරණය වී තිබේ.
බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ විමර්ශන කොට්ඨාසය අත්අඩංගුවේ පසුවන මෙම ප්‍රධාන සැකකරුවන් ගරු අධිකරණය වෙත ඉදිරිපත්කර රැදවුම් නියෝග ලබාගෙන තවදුරටත් විමර්ශන සිදුකිරීමට නියමිතයි.














