
සමගි ජන බලවේගය නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ බස්නාහිර පළාතේ පළාත් පාලන මන්ත්‍රීවරුන් සහ ආසන සංවිධායකවරුන් සමඟ හමුවක් පසුගියදා සමගි ජන බලවේගය පක්ෂ කාර්යාලයේදී පැවැත්විණි.
එහි දී 22 වැනි සංශෝධනයට එරෙහිව සමගි ජන බලවේගය එලැඹෙන සැප්තැම්බර් 24 දින පොල්දූව මංසන්ධියේ දී පැවැත්වීමට නියමිත සාමකාමී උද්ඝෝෂණය ඇතුළු 22 වැනි සංශෝධනය නිසා සිදුවන අහිතකර බලපෑම් සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා බස්නාහිර පළාතේ පාළාත් පාලන මන්ත්‍රීවරුන් සහ ආසන සංවිධායකවරුන් දැනුවත් කළේය.
මෙම අවස්ථාවේ කබීර් හසීම්, මුජිබර් රහුමාන් ඇතුළු පක්ෂයේ ජ්යෙෂ්ඨකයින් පිරිසක් ද සහභාගී වූහ.














