2026.09.07 දින අළුයම දෙහිවල පොලිස් වසමේ ඕබන් පෙදෙසේදී ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් නිවසක සිටි පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබුණි.
ඒ අනුව එම කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැඩිදුර විමර්ශන සිදුකර 2026.09.16 වන දින දහවල් හා සවස අඟුලාන, කඳවල පාර හා ගල්කිස්ස ප්‍රදේශවලදී මෙම අපරාධය මෙහෙයවූ පුද්ගලයා ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 17ක්, අපරාධය සඳහා යොදාගත් බවට සැකකරන කඩු 04ක් ඇතුලු තියුණු ආයුධ 05ක් සමග අත්අඩංගුවට ගෙන ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
සැකකරුවන් අවුරුදු 23, 24 හා 30 වයස්වල පසුවන ගල්කිස්ස හා අඟුලාන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.













