යාල ජාතික වනෝද්‍යානයේ 1 සහ 2 බ්ලොක් අද සිට සංචාරකයින් සඳහා වසා දමයි

වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අද (14) සිට ඔක්තෝබර් 15 වැනි දින දක්වා යාල ජාතික වනෝද්‍යානයේ 01 සහ 02 බ්ලොක් සංචාරකයින් සඳහා තාවකාලිකව වසා දමන බව නිවේදනය කර ඇත.

පවතින දැඩි වියළි කාලගුණය හමුවේ ආහාර හා ජල හිඟයකින් පෙළෙන වන සතුන් ආරක්ෂා කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇති බව වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website