විදේශ රැකියාව අතරතුරදී මරණ පත් පුද්ගලයින් 50 දෙනෙකු වෙනුවෙන් වන්දි මුදල් ප්‍රදානය කෙරේ

විදේශ රැකියාව අතරතුරදී මරණයට පත්තූ විදේශ ගත ශ්‍රමිකයින් සඳහා ලබාදෙනු ලබන මරණ වන්දි මුදල රුපියල් ලක්ෂ 20 දක්වා ඉහළ නැංවීමට හැකි වීම විදේශගත ශ්‍රමිකයින් වෙනුවෙන් ලබාදීමට හැකි වීම විශාල සහනයක් බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාතය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.

මෙම වන්දි මුදල ඉහළ නැංවීම, වත්තමන් රජය බලයට පත්තවීදමන් අනතුරුව විදෙස්ගත ශ්‍රි ලාංකිකයින් වෙනුවෙන් ලබාදීමට පොරොන්දු වූ එක් ප්‍රතිලාභයක් බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ විදේශ රැකියාව අතරතුරදී මරණයට පත් වූ විගමණික ශ්‍රමිකයින් 50 දෙනෙකු වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන් වෙත වන්දි ලබාදීමේ අවස්ථාවට එක් වෙමිනි.

අද (10) විදේශ සේවා නියුක්ති කාර්යංශයේ දී මෙම වන්දි මුදල් ප්‍රදානය කිරීම සිදුවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website