‘අත්හරින ලද වැව් ප්‍රතිසංස්කරණ වැඩසටහනට’ රුපියල් මිලියන 215.51ක ප්‍රතිපාදන නිදහස් කරයි

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබන “අත්හරින ලද වැව් ප්‍රතිසංස්කරණය –2026” වැඩසටහන යටතේ දිස්ත්‍රික්ක 13ක් ආවරණය කරමින් වැව් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති 22ක් අනුමත කර ඇති අතර, ඉන් ව්‍යාපෘති 16ක් සඳහා මේ වන විට ප්‍රතිපාදන නිදහස් කර ඇත.

ඒ අනුව, මෙම වැඩසටහන සඳහා අනුමත මුළු ප්‍රතිපාදනය රු. මිලියන 251.90ක් වන අතර, දැනට නිදහස් කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණය රු. 215,514,521.91ක් වේ.

දැනට ප්‍රතිපාදන නිදහස් කර ඇති ව්‍යාපෘති අතර වැඩිම ව්‍යාපෘති සංඛ්‍යාවක් බදුල්ල දිස්ත්‍රික්කයට අයත් වන අතර එහි ව්‍යාපෘති 4ක් සඳහා රු. 20,468,857.32ක ප්‍රතිපාදන නිදහස් කර ඇත. මඩකලපුව සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල ව්‍යාපෘති 2 බැගින් ක්‍රියාත්මක කිරීම සඳහා පිළිවෙළින් රු. 26,878,850.29ක් සහ රු. 18,853,243.26ක් නිදහස් කර තිබේ.

පොළොන්නරුව සඳහා එක් ව්‍යාපෘතියකට රු. 9,837,222.75ක් ද, මොනරාගල සඳහා රු. 17,823,004.89ක් ද, මුලතිව් සඳහා රු. 19,919,878.35ක් ද, මන්නාරම සඳහා රු. 19,774,253.59ක් ද නිදහස් කර ඇත. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඉලන්තකුලම් වැව ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සඳහා රු. 27,431,568.50ක් ද, අනුරාධපුර දිස්ත්‍රික්කයේ හල්මිල්ලකුලම වැව සඳහා රු. 36,297,315.78ක් ද ප්‍රතිපාදන නිදහස් කර ඇත.

මීට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක් ව්‍යාපෘතියකට රු. 13,603,641.38ක් සහ පුත්තලම දිස්ත්‍රික්කයේ එක් ව්‍යාපෘතියකට රු. 4,626,685.81ක් ප්‍රතිපාදන නිදහස් කර ඇත.

බදුල්ල දිස්ත්‍රික්කයේ ගොන්ඔළුව, කොළොන්ගස්කණ්ඩිය, අන්දරවින්න සහ ගිනිහිටියාවෙල වැව්, මඩකලපුවේ Vannakikrimichchaikulam සහ Periyakaakkakulam වැව්, කිලිනොච්චියේ Kallaaru Kulam සහ Kalvettai වැව් ඇතුළු වැව් කිහිපයක් මෙමගින් ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතය.

මෙම වැඩසටහන මඟින් අත්හරින ලද වැව් නැවත ප්‍රතිසංස්කරණය කිරීම තුලින් අදාළ ප්‍රදේශවල ගොවි ජනතාවට භාවිත වන වැව් පද්ධති යළි ප්‍රයෝජනයට ගැනීම සඳහා සිදුකරන ප්‍රතිසංස්කරණ කටයුතු ඉදිරියට ගෙන යාමට මෙම ප්‍රතිපාදන යොමු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website