දිස්ත්‍රික්ක රැසක නිඟය දරුණු අතට – ප්‍රධාන වාර්මාර්ල වල ජල මට්ටම වේගයෙන් පහතට

දිස්ත්‍රික්කයට බලපා තිබෙන දැඩි වියළි කාලගුණය හේතුවෙන්  අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රධාන වාරිමාර්ග ජලාශ නවයක ජල මට්ටම 21.5% දක්වා පහත වැටී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද (6) පැවසීය.

මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන වාරිමාර්ග ජලාශ හතරක ජල මට්ටම ද 25.3% දක්වා පහත වැටී ඇත.

මේ අතර පොළොන්නරුව සහ මොනරාගල ප්‍රදේශ කිහිපයකට අද දින වැසි ලැබුණු ද පවතින උණුසුම් හා වියළි තත්ත්වය ඉදිරි සතිය පුරාම පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අනුව මොනරාගල දිස්ත්‍රික්කයේ කුඩා වාරිමාර්ග වැව් විශාල සංඛ්‍යාවක් දැනටමත් සම්පූර්ණයෙන්ම සිඳී ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website