රටින් පිට කිරීම තහනම් පක්ෂීන් සමඟ ශ්‍රී ලාංකිකයෙක් ඉන්දුනීසියාවේ ගුවන් තොටුපළක දී අත්අඩංගුවට

ඉන්දුනිසියාවේ බැන්ටන් හී ජාත්‍යන්තර ගුවන්තොටුපළකදී විවිධ වර්ගවලට අයත් පක්ෂීන් 101 දෙනෙකු සමඟ ඊයේ (05) ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දුනීසියානු නීති රෙගුලාසිවලට අනුව එරට සංරක්ෂණය කළ යුතු පක්ෂීන් වර්ග කිහිපයක් ද එහි සිට ඇති බව සඳහන් වෙයි.

මෙම පක්ෂීන් ඉතා සූක්ෂම ලෙස සඟවා රටින් පිට කිරීමට උත්සාහ කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් ඉන්දුනීසියානු නිරෝධායන කාර්යාලය සහ ස්වභාවික සම්පත් කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website