දෙමළ ජාතිකවාදී දේශපාලනඥයෙකු සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන එම්.කේ. සිවාජිලිංගම් මහතා කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයට මාරු කර ඇති බව වාර්තාවේ.
ඔහු පසුගිය ජූනි මාසයේ වකුගඩු බද්ධ කිරීමේ සැත්කමකට භාජනය වූ බව ද සඳහන් වේ.
වැල්වැටිතුරෙයි නගර සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන සිවාජිලිංගම් මහතා, වකගඩු බද්ධ කිරීමෙන් පසු අඛණ්ඩ ප්‍රතිකාර සඳහා කොළඹ රැඳී සිටියේය. පසුගිය සතියේ ඔහු නැවතත් රෝහලට ඇතුළත් කරන ලද අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා පසුගිය දා දැඩි සත්කාර ඒකකයට මාරු කර ඇත.
මෙම වසර මුලදී සිවාජිලිංගම් මහතා වකුගඩු අකර්මණ්‍යතාවයෙන් පෙළෙන බව හෙළි කිරීමෙන් පසු සහ වකුගඩු බද්ධ කිරීමකට සහ ඒ ආශ්රිත ප්‍රතිකාර සඳහා වන පිරිවැය පියවා ගැනීම සඳහා මූල්‍ය ආධාර ඉල්ලා සිටීමෙන් පසු ඔහුගේ සෞඛ්‍ය ගැටලු සැලකිය යුතු මහජන අවධානයක් දිනාගෙන තිබුණි.












