රජයට රුපියල් මිලියන 7.4ක පමණ පාඩුවක් සිදු කළ බවට එල්ල වන චෝදනාවක් මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (04) අත්අඩංගුවට ගත්තේය.
හිටපු අමාත්‍යවරයා ප්‍රකාශයක් ලබා දීම සඳහා අද අල්ලස් කොමිසමට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගැනීම සිදුවිය.
පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශ්‍රවණාගාරය සඳහා පුටු සැපයීම සඳහා නීත්‍යානුකූලව තෝරා ගෙන තිබූ සමාගම ඉවත් කර, පසුව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට සම්බන්ධ සමාගමකට කොන්ත්‍රාත්තුව ප්රදානය කළ බවට අල්ලස් කොමිෂම හිටපු අමාත්‍යවරයාට දූෂණ චෝදනා එල්ල කර ඇත.













