කැනඩාවේ නිල භාෂා වන ඉංග්‍රීසි සහ ප්‍රංශ යන භාෂා දෙකෙන්ම “ඔන්ටාරියෝ විල දැන් සහ සැමවිටම / Lake Ontario Now and Always ” යනුවෙන් කියවෙන විශාල පුවරුවක් ඔන්ටාරියෝ අගමැති ඩග් ෆෝඩ් සෙනසුරාදා විල වෙරළ තීරයේ නිරාවරණය කළේය.
Ontario මහා විලෙහි නම වෙනස් කිරීමේ විධායක නියෝගයට අනුකූල වීම සඳහා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇපල් සමාගමෙන් ඔවුන්ගේ සිතියම් වේදිකාවේ Ontario විල Lake America ලෙස නම් කරන ලෙස ඉල්ලා ඇති බව අභ්‍යන්තර ලේකම් ඩග් බර්ගම් පවසයි.
බර්ගම් පැවසුවේ ජනාධිපතිවරයා ඇපල් සමාගමට සෘජුවම සම්බන්ධ වී ඇති බවත් ඒ වෙනස ඉක්මනින්ම දැකගත හැකි වනු ඇති බවත්ය.
ඔන්ටාරියෝ පළාතට සහ නිව්යෝර්ක් ප්‍රාන්තයට මායිම්ව පිහිටි විල තවමත් කැනඩාවේ පරිශීලකයින් ඔන්ටාරියෝ විල ලෙස දකින නමුත්, සති අන්තයේ ගූගල් සිය ඇමරිකා එක්සත් ජනපදය පදනම් කරගත් පරිශීලකයින් සඳහා නම් මාරුව සිදු කළේය.
අදහස් දැක්වීම සඳහා බීබීසී ඇපල් සමාගම හා සම්බන්ධ විය.
නම වෙනස් කිරීම සම්බන්ධයෙන් කැනඩාවෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇති අතර, එක් විදුලි සමාගමක් එහි සිතියමේ ‘ලේක් ඇමරිකා’ නාමය ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් සමාව අයැද සිටියේය.
ටොරොන්ටෝ හි පිහිටි සමාගමක් වන හයිඩ්‍රෝ වන්, X හි පළ කළ සටහනක සඳහන් කළේ ඔවුන් තෙවන පාර්ශවීය සිතියම්කරණ සේවාවක් භාවිතා කිරීම නිසා මෙම නම දිස් වූ බවයි.
“ගැටලුව හැකි ඉක්මනින් නිවැරදි කර නිසි භූගෝලීය යොමුව යථා තත්ත්වයට පත් කිරීමට අපි අපගේ සේවා දායකයා සමඟ කටයුතු කරමින් සිටිමු,” සමාගම සිය නිවේදනයේ සඳහන් කළේය. “දෝෂය පිළිබඳව අපි කනගාටු වන අතර එමඟින් ඇති වූ ඕනෑම ව්‍යාකූලත්වයක් සඳහා සමාව අයදිමු.” සමාගම පැවසුවේය.
කැනඩාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර වෙළඳ සාකච්ඡා බිඳ වැටීමෙන් පසුව, ඔන්ටාරියෝ විලෙහි නම ‘ඇමරිකා විල’ ලෙස වෙනස් කිරීමට උත්සාහ කරන විධායක නියෝගයට ට්‍රම්ප් පසුගිය දා අත්සන් තැබීය.
එක්සත් ජනපද රජයේ නිල සිතියම් දත්ත සමුදාය Geographic Names Information System – GNIS යාවත්කාලීන කිරීම ඇතුළුව, වැව නැවත නම් කිරීම සඳහා “සුදුසු සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙස” නියෝගයෙන් බර්ගම්ට නියෝග කෙරේ.
ගූගල් සෙනසුරාදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එක්සත් ජනපද පරිශීලකයින්ට GNIS සමඟ අනුකූල වීම සඳහා එහි සිතියම්වල Lake America නාමය පෙන්වන බවයි.
කැනඩාවේ සිටින අයට ඔන්ටාරියෝ විල දිගටම ප්‍රදර්ශනය කෙරෙනු ඇති බවත්, ලෝකයේ සෙසු ප්‍රදේශවල පරිශීලකයින්ට නම “ඔන්ටාරියෝ විල” (Lake America) ලෙස දිස්වනු ඇති බවත් එහි වැඩිදුරටත් සඳහන් විය.
සියලුම සිතියම් සපයන්නන් නම වෙනස් කරන්නේ නැත. 1996 දී දියත් කරන ලද ඇමරිකානු නොමිලේ වෙබ් සිතියම්කරණ සේවාවක් වන MapQuest, සිකුරාදා කෙටි ෆේස්බුක් සටහනකින් “අපි එය වෙනස් කරන්නේ නැහැ” යනුවෙන් පැවසීය.
පරිශීලකයින්ට තමන් කැමති ඕනෑම නමකට විල වෙනස් කිරීමට සහ ඔවුන්ගේ නිර්මාණ බෙදා ගැනීමට ඉඩ සලසන මෙවලමක් ද වේදිකාව විසින් එළිදක්වන ලදී.
ඔන්ටාරියෝ විලෙහි නම වෙනස් නොකරන බව නිවේදනය කිරීමෙන් පසු, සඳුදා උදෑසන වන විට කැනඩාවේ Apple App Store හි වැඩිපුරම බාගත කළ නොමිලේ යෙදුම් අතරට MapQuest පත්විය.
කැනඩාවේ නිල භාෂා වන ඉංග්‍රීසි සහ ප්‍රංශ යන භාෂා දෙකෙන්ම “ඔන්ටාරියෝ විල දැන් සහ සැමවිටම / Lake Ontario Now and Always ” යනුවෙන් කියවෙන විශාල පුවරුවක් ඔන්ටාරියෝ අගමැති ඩග් ෆෝඩ් සෙනසුරාදා විල වෙරළ තීරයේ නිරාවරණය කළේය.
“කිසිවෙකු එය ඇමරිකානු විල ලෙස හඳුන්වන්නේ නැත,” ෆෝඩ් ඉරිදා ඇමරිකානු රූපවාහිනී ඉදිරිපත් කරන්නෙකු වන ජෝර්ජ් ස්ටෙෆනොපොලොස්ට පැවසීය. “එය වසර සිය ගණනක් තිස්සේ ඔන්ටාරියෝ විල විය. එය ඔන්ටාරියෝ විල ලෙස දිගටම පවතිනු ඇත.”ඔහු අවධාරණය කළේය.
මහා විල් හතරක නම් Ontario, Huron, Michigan සහ Erie – ස්වදේශික වචන වලින් ආරම්භ වේ.
මූලාශ්‍රය: බීබීසී














