සමාගම් විසින් ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් පහත හෙළනු ලැබුව ද, ත්‍රීරෝද රථ ගාස්තුවල කිසිදු සංශෝධනයක් සිදු නොවන බව ජාතික ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එල්. රෝහණ පෙරේරා මහතා පවසයි.
ත්‍රීරෝද රථ ගාස්තු නියාමනයට අදාළ සියලුම මිල ගණන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් සකස් කර අමාත්‍යාංශය වෙත භාර දී ඇති බව ද ඔහු සඳහන් කළේය.
නීත්‍යානුකූල ගාස්තු සංශෝධනයක් එන තෙක් පළමු කිලෝමීටරය සඳහා රුපියල් 110ක් සහ දෙවන කිලෝමීටරයේ සිට රුපියල් 90ක් වන පැරණි ගාස්තුම අය කිරීමට සිදුවන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.















