22 වන සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කිරීමේ කාලය අදින් අවසන්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කිරීමේ අවසාන දිනය අදින් (31) අවසන් වේ. මේ වන විට 22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව සහ විපක්ෂව පෙත්සම් 30කට ආසන්න සංඛ්‍යාවක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති බව වාර්තා වේ.

විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, සිවිල් සංවිධාන කිහිපයක් සමඟ පනත් කෙටුම්පතට අභියෝග කරමින් පෙත්සම් ගොනු කර ඇති අතර ජාතික ජන බලවේගය මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චි ඇතුළු පක්ෂ කිහිපයක් ද පනත් කෙටුම්පතට සහාය දක්වමින් පෙත්සම් ගොනු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website