මෑත කාලීනව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය සහ CERT ආයතනය වෙත WhatsApp ගිණුම් හැක් වීම පිළිබඳ පැමිණිලි 100කට අධික ප්‍රමාණයක් වාර්තා වී තිබෙන බවත් එවැනි තත්ත්වයක දී අනුගමනය කළ යුතු ආරක්ෂක පියවර සම්බන්ධයෙන් පොලිසිය විශේෂ දැනුවත් කිරීමක් කර ඇත.
එම දැනුවත් කිරීමේ ලිපිය සම්පූර්ණයෙන් පහත පළ වේ.
මෑත කාලීනව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය සහ CERT ආයතනය වෙත WhatsApp ගිණුම් හැක් වීම පිළිබඳ පැමිණිලි 100කට අධික ප්‍රමාණයක් වාර්තා වී තිබේ. මෙහි ඇති භයානකම තත්ත්වය වන්නේ පරණ ක්‍රම මෙන් OTP (One Time Password) අංක ලබාදීමකින් තොරවම ගිණුම් හැක් වීමට ලක්වීමයි. මෙය Zero-Click Hack ලෙස හඳුන්වයි.
මෙහි ඇති භයානකම තත්ත්වය වන්නේ පරණ ක්‍රම මෙන් OTP (One Time Password) අංක ලබාදීමකින් තොරවම ගිණුම් හැක් වීමට ලක්වීමයි. මෙය Zero-Click Hack ලෙස හඳුන්වයි.
මොකක්ද මේ Zero-Click Hack කියන්නේ?
- Zero-Click Hack එකකදී පරිශීලකයා කිසිදු ලින්ක් එකක් මත ක්ලික් කිරීමක් හෝ OTP අංකයක් වෙනත් අයෙකුට ලබාදීමක් සිදු කරන්නේ නැත.
- ඔබගේ දුරකථනයේ මෙහෙයුම් පද්ධතියේ (OS) පවතින ආරක්ෂක දුර්වලතාවයක් (Vulnerability) ප්‍රයෝජනයට ගෙන, හැකර්වරයා විසින් WhatsApp හරහා හානිකර ෆයිල් එකක් (Malicious File) එවනු ලබයි.
- මෙම ෆයිල් එක ඔබ ඕපන් නොකළද, එය පසුබිමින් ක්‍රියාත්මක වී ඔබගේ WhatsApp ගිණුමේ සම්පූර්ණ පාලනය හැකර් වෙත ලබා ගනී.
- වැඩිපුරම iPhone (iOS) උපාංගවලින් මේ පිළිබඳ වාර්තා වුව ද, Android දුරකථන ද මේ වන විට මෙයට ගොදුරු වී ඇත.
- දැනට වාර්තා වී ඇති පරිදි, හැක් වූ ගිණුම්වල ඇති අයිතිය (Admin access) භාවිත කරමින් විදේශීය අංක විවිධ සමූහයන්ට (Groups) එකතු කිරීම සිදුවේ. ඉදිරියේදී මෙය මුදල් වංචා හෝ වෙනත් Scam සඳහා භාවිත වීමේ දැඩි අවදානමක් පවතී.
ඔබගේ WhatsApp ගිණුම Hack වුවහොත් කළ යුත්තේ කුමක්ද?
ඔබගේ WhatsApp ගිණුම එකපාරටම Log out වී ඇත්නම්, කලබල නොවී පහත පියවර අනුගමනය කරන්න:
- වහාම ඔබගේ iPhone හෝ Android දුරකථනයේ Settings වෙත ගොස් OS එක අලුත්ම Version එකට Update කරගන්න.
- Play Store හෝ App Store වෙත ගොස් WhatsApp මෘදුකාංගය Update කරන්න.
- සාමාන්‍ය පරිදි නැවත Log වීමට උත්සාහ කරන්න.
ඔබගේ ගිණුම Spam ලෙස සලකා පැය 24කට Block වී ඇත්නම්, එම කාලය අවසන් වන තෙක් සිටින්න. ඉන්පසු ලැබෙන “You can verify your account” Notification එක හරහා Account එක Verify කරගන්න.
ප්‍රහාරයෙන් ආරක්ෂා වීමට අත්‍යවශ්‍ය පියවර 4ක්
- WhatsApp > Settings > Storage and Data වෙත ගොස් Media Auto-Download යටතේ ඇති සියලුම Options (Photos, Audio, Videos, Documents) ‘No Media’ ලෙස වෙනස් කරන්න. (බොහෝ දුරට Malicious Files ඇතුළු වන්නේ මෙයිනි).
- OS එක සහ Apps Update තබන්න: System Updates සහ WhatsApp Updates ආ සැනින් Update කරගන්න.
- WhatsApp Settings > Account > Two-Step Verification වෙත ගොස් PIN අංකයක් සකසා ගන්න.
- නිල App Stores පමණක් භාවිත කරන්න: WhatsApp මෘදුකාංගය Download කරගැනීමට Google Play Store හෝ Apple App Store පමණක් භාවිත කරන්න. වෙනත් APK හෝ Modified App (එනම් GB WhatsApp ආදිය) භාවිතයෙන් වළකින්න.
ශ්‍රී ලංකා පොලිසියේ Facebook පිටුවන් කළ ඍජු උපුටා ගැනීමකි – සංස්කාරක
















