2025ට සාපේක්ෂව 2026 මුල් මාස හයේ කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් මිල ඉහළට

කොළඹ දිස්ත්‍රික්කය සඳහා සම්පාදනය කරන ලද ඉඩම් තක්සේරු දර්ශකය 2025 වසරේ පළමු භාගයට සාපේක්ෂව 2026 වසරේ පළමු භාගයේ දී සියයට 5.9ක මධ්‍යස්ථ වේගයකින් වර්ධනය වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව අද (17) නිකුත් කළ නිවේදනයක සහන් වේ.

ඉඩම් තක්සේරු දර්ශකයෙහි අනු දර්ශක ත්‍රිත්වයම මෙම කාලපරිච්ඡේදය තුළ දී ඉහළ යෑමක් පෙන්නුම් කළ අතර නේවාසික අනු දර්ශකය සියයට 6.7කින් ද, වාණිජ අනු දර්ශකය සියයට 5.7කින් ද කාර්මික අනු දර්ශකය සියයට 5.2කින් ද ඉහළ ගියේය.

2025 වසරේ දෙවන භාගයට සාපේක්ෂව 2026 වසරේ පළමු භාගයේ දී ඉඩම් තක්සේරු දර්ශකයෙහි ඉහළ යෑමක් දක්නට ලැබුණි.  මෙහි දී,  2025 වසරේ දෙවන භාගයේ දී වාර්තා කළ අගයන්ට සාපේක්ෂව නේවාසික සහ කාර්මික අනු දර්ශක ඉහළ වර්ධන වේගයන් පෙන්නුම් කළ බව ද ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website