මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘති සඳහා ජපන් රජය ජපන් යෙන් මිලියන 282ක (රුපියල් මිලියන 591ක්) ආධාර ප්‍රදානයක් ලබා දී ඇත.
මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ ජපානයේ විවිධ විශ්වවිද්‍යාලවල සහාය ඇතිව රාජ්‍ය අංශයේ තරුණ පරිපාලන නිලධාරීන් පුහුණු කිරීම සහ ඔවුන් තම අදාළ ක්ෂේත්‍රයන්ට අනාගත ජාතික නායකයින් වීම සඳහා දැනුම හා කුසලතා වර්ධනය කිරීමයි.
මෙම ව්‍යාපෘතිය යටතේ 2027 වසරේ දී ආරම්භ වන වසර දෙකක ශාස්ත්‍රපති උපාධි වැඩසටහන් හැදෑරීම සඳහා රාජ්‍ය අංශය් නිලධාරීන් 15 දෙනකු යවනු ලැබේ.
ඔවුන්ගේ පර්යේෂණයන් රාජ්‍ය ප්‍රතිපත්ති, ජාත්‍යන්තර සබඳතා සහ ජාත්‍යන්තර සංවර්ධනය, සාර්ව ආර්ථික විද්‍යාව, රාජ්‍ය මූල්‍ය සහ ආයෝජන කළමනාකරණය යනාදී ක්ෂේත්‍රයන්ගේ සිට කර්මාන්ත සංවර්ධන ප්‍රතිපත්ති සහ ආයෝජන ප්‍රවර්ධනය දක්වා වූ ක්ෂේත්‍ර රැසක් ආවරණය කෙරේ.














