රජය රටේ ප්‍රශ්න ජනතාවගේ ප්‍රශ්න අමතක කර අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනවිත් රටත් ප්රජාතන්ත්රවාදයත් විනාශ කර ඒකාධිපති පාලනයක් ස්ථාපිත කර රටේත් ලක්ෂ 220කගේත් පාලනය සියතට ගැනීමට උත්සාහ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයට චෝදනා කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කිරින්ද ධීවර වරාය ආශ්‍රිතව සිය ජීවිකාව ගෙන යන ධීවර ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය අද (12) එම ප්‍රදේශයේ සිදුකළ විශේෂ සංචාරයේ දී මාධ්‍ය හමු වූ අවස්ථාවේ දී ය.
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම අධිකරණයේ ස්වාධීනත්වයට මරු පහරක් සේම ප්රජාතන්ත්රවාදය බිඳවැටී නීතියේ ආධිපත්‍ය විනාශ වී යුක්තිය පසිදලීමේ යාන්ත්‍රණය අකර්මන්‍ය කිරීමක් බව ද විපක්ෂ නායකවරයා කීවේය.
රජයේ මෙම සැලසුම හරහා එක පක්ෂයක් රටම පාලනය කරන යුගයක් බිහි වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
















