විනිසුරුවරුන් විශ්‍රාම ගැනීමේ වයස් දීර්ඝ කිරීමට ප්‍රතිපත්තියක් ලෙස විරුද්ධ නෑ – නීතිඥ සංගමය ජනපතිට කියයි

මෙම තීරණය පිළිබඳව තවදුරටත් සලකා බලා යම් පොදු සම්මුතියකට එළඹීම සුදුසු බව ද ඔවුන් ජනපතිවරයාට යෝජනා කළේය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයින් මේ බව ප්‍රකාශ කළේ අද (12) සවස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ ජනාධිපති කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාවේ දීය.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර, ජනාධිපති නීති උපදේශක නීතිඥ ජේ.එම් විජේබණ්ඩාර යන මහත්වරු සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජිව් අමරසූරිය මහතා ඇතුළු එහි ජ්‍යෙෂ්ඨ නියෝජිතයෝ පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website