නව තාක්ෂණික ක්‍රම ඔස්සේ අස්වැන්න ‘ඩබල්’ කරගත් සාලිය වැව ගොවි මහත්වරු

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන ‘නකල්ස් ව්‍යාපෘතිය‘ යටතේ ඇති ‘කුඹුරු ලියැදි ඒකාබද්ධ කිරීමේ වැඩසටහනෙන්‘ යාය 7 , සාලිය වැව FC 42 ඇළ ප්‍රදේශයේ වී ගොවීන්ගේ ඇස්වැන්න වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ. ඒ අනුව ඔවුන්ගේ කෘෂිකාර්මික කටයුතු තව දුරටත් සාර්ථක කර ගැනීමට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු සිදු කරමින් සිටී.

මෙම කර්තව්‍යයට සමගාමීව එක් පුහුණු වැඩසටහනක් පසුගිය දා රාජාංගනය වම – අන්තර් පළාත් කෘෂිකර්ම උපදේශන කාර්යාංශය මඟින් යාය 07 සාලිය වැව ප්‍රදේශයේ දී සංවිධානය කර තිබුණේය. මෙම වැඩසටහනේ දී කෘෂිකර්මාන්තයේ කටයුතු සඳහා ඩ්‍රෝන තාක්ෂණය යොදා ගන්නා ආකාරය පිළිබඳව ගොවීන්ට දැනුම සහ පුහුණුවක් ලබා දීම සිදුවිය.

සටහන – ඊ.එස්. අනුත්තරා, මාධ්‍ය නිලධාරි, මහවැලි උපදේශන කාර්යාංශය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website