ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් අද (04) දින මහනුවර, කෑගල්ල සහ නුවරඑළිය දිස්ත්රික්කවල ප්රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට නායයෑාම් 03 අදියරේ ‘ඉවත් වීමේ‘ රතු නිවේදන නිකුත් කර ඇත.
ඒ අනුව මහ නුවර දිස්ත්රික්කයේ ගග ඉහළ කෝරළය , උඩුදුම්බර සහ පස්බාගේ කෝරළේ ප්රාදේශීය ලේකම් කොට්ඨාශ, කෑගල්ල දිස්ත්රික්කයේ යටියන්තොට ප්රා.ලේ. කොට්ටාශය සහ නුවරඑළිය දිස්ත්රික්කයේ අඹගමුව සහ නෝර්වුඩ් ප්රාදේශීය ලේකම් කොට්ඨාශවලට ‘ඉවත් වීමේ‘ රතු නිවේදන නිකුත් කර ඇත.















