මහනුවර සහ නුවරඑළියේ සියලුම පාසල් වලට හෙට (04) නිවාඩු

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම රජයේ පාසල් සහ පෞද්ගලික පාසල් හෙට (04) වසා තැබීමට මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය නියෝග කර ඇත.

මේ අනුව නුවරඑළිය, හැටන්, වලපනේ, කොත්මලේ, හගුරන්කෙත යන කලාප කාර්යාලවලට අයත් සියලුම පාසල් වසා දැමීමට නියමිතය.

මේ අතර දිස්ත්‍රික්කයට බලපා තිබෙන දැඩි අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම රජයේ පාසල් හෙට (04) දින වසා තැබීමට මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය  තීරණය කර තිබේ.

අඛණ්ඩව පවතින වර්ෂාපතනය සහ හදිසි කාලගුණ තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් පාසල් දරුවන්ගේ සහ ගුරුවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම අරමුණු කරගනිමින් මෙම පියවර ගත් බව ද මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website