ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය සහ ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නායයෑමේ ‘රතු‘ (අදියර 3) අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර ඇත.
අදාළ නිවේදනය අද (03) උදෑසන 09 සිට හෙට (04) උදෑසන 09 දක්වා වලංගු වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.
මේ අතර දිස්ත්‍රික්ක කිහිපයකට අදියර 1 (කහ) සහ අදියර 2 ( ඇම්බර්) යටතේ නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබේ.
ඒ් අනුව, මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර සහ උඩපළාත යන ප්‍රාදේශීය කොට්ඨාස,කෑගල්ල දිස්ත්‍රික්කයේ යටින්තොට සහ අරණායක, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය, නෝර්වුඩ්, අඹගමුව කෝරළය, කොත්මලේ බටහිර සහ කොත්මලේ නැගෙනහිර,රත්නපුර දිස්ත්‍රික්කයේ ඕපනායක, ඉඹුල්පේ සහ රත්නපුර යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලට යන අදියර 2 යටතේ අවධානයෙන් සිටින්න (ඇම්බර්) පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
මහනුවර දිස්ත්‍රික්කයේ පන්විල සහ මැදදුම්බර, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට සහ දැරණියගල, රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල සහ කුරුවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වෙත අදියර 1 (කහ- විමසිලිමත්) යටතේ නිවේදන නිකුත් කර ඇත.
පසුගිය දිට්වා සුළි කුණාටු කාලයේ ඇති වූ අනතුරුදායක ස්ථානවල ජනතාව ජීවත්වනවා නම් මෙම දිනවල පවතින වර්ෂාපතනයත් සමඟ එම ස්ථානවලින් ඉවත් වී ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙස ද එම ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය වැඩිදුරටත් දැනුම් දෙයි.















