මහර බන්ධනාගාරය අවුල් කළ රැඳවියන් 104ක් බන්ධනාගාර 07කට මාරු කෙරේ

ඊයේ (01) සවස මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවය හේතුවෙන් මේ වනවිට එහි සිටි රැඳවියන් 104 දෙනෙකු බන්ධනාගාර 7ක් වෙත මාරු කර යවා ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා පැවසීය.

මෙම රැඳවියන් දුම්බර, වැලිකඩ, බූස්ස, කලුතර, බදුල්ල, මඩකලපුව හා පොළොන්නරුව යන බන්ධනාගාර වෙත මෙම රැඳවියන් මාරුකර යැවූ බව කී බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා එම රැඳවියන්ගේ නම් ඇතුළත් ලේඛනය මහර බන්ධනාගාරයේ මාර්ග බාධකය අසල ප්‍රදර්ශනය කර ඇති බව ද පැවසුවේය.

මහර බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගර වෙත මරුකර යැවු රැඳවියන් 104 දෙනා බන්ධනාගරය තුළ ඇති වූ නොසන්සුන්කාරි තත්ත්වයට සම්බන්ධ සැකකරුවන්වන බව මහර බන්ධනාගාර අධිකාරී රෝහණ ගලප්පත්ති මහතා පැවසූ අතර මහර බන්ධනාගාරයේ රැඳවියන් සඳහා අමුත්තන් පෙන්වීම ඉදිරි බ්‍රහස්පතින්දා දින සිට ආරම්භ කෙරෙන බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website