අනුරාධපුර බටහිර ආරාම සංකීර්ණයේ සංරක්ෂණ කටයුතු ගැන නිවේදනයක්

අනුරාධපුර බටහිර ආරාම සංකීර්ණයේ සංරක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් කුරේ මහතා ප්‍රකාශ කළේය.

දේශීය හා විදේශීය සංචාරකයින්ගේ අත්දැකීම් වැඩිදියුණු කිරීම සඳහා ප්‍රදේශයේ යටිතල පහසුකම් ද සංවර්ධනය කරන බව ද ඔහු වැඩි දුරටත් හෙළි කළේය.

බටහිර ආරාම සංකීර්ණය බෞද්ධ භික්ෂූන් වහන්සේලා සඳහා නේවාසික සහ භාවනා අවකාශයන් ලෙස ඉදිකරන ලද පධානඝර ගොඩනැගිලි සහිත ආරාම ගණනාවකින් සමන්විත වන බව කී අධ්‍යක්ෂ ජනරාල්වරයා සංකීර්ණයේ ඇතැම් කොටස් දැනටමත් සංරක්ෂණයට භාජනය වී ඇතත්, බොහෝ ප්‍රදේශ තවමත් සංරක්ෂණ අවධානයට ලක්ව නොමැති බව ද කීවේය.

Ruins of the Western Monastery 'K" of Ancient Anuradhapura
Ruins of the Western Monastery 'K" of Ancient Anuradhapura
Ruins of the Western Monastery 'K" of Ancient Anuradhapura

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් කුරේ මහතා “ඓතිහාසික මූලාශ්‍රවලින් හෙළි වන්නේ ක්‍රි.ව. 6 වන සහ 7 වන සියවස්වලදී, අභයගිරි සහ මහා විහාර සම්ප්‍රදායන්ගෙන් වෙන් වූ භික්ෂූන් වහන්සේලා මෙම ආරාම ඔවුන්ගේ වාසස්ථාන ලෙස භාවිතා කළ බවත්, භාවනා සහ අධ්‍යාත්මික පිළිවෙත් සඳහා කැප වූ ජීවිතයක් ගත කළ බවත්යි. මේ අනුව ආගමික වශයෙන් ඉතාම වැදගත් මෙම  ආරාම සංකීර්ණය කඩිනමින් ප්‍රතිසංස්කරණයට ලක්කර ජනතාවගේ වන්දනාමාන කටයුතු සඳහා විවෘත කරනවා” යැයි පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website