ජාතික ජන බලවේගයේ නායකත්ව මණ්ඩලයේ සහ විධායක සභාවේ සාමාජිකයෙකු වන ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක, විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමට යෝජිත රජයේ සැලසුම අද (27) කොළඹ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවක දී දැඩිව හෙළා දුටුවේය.
ජනාධිපති නීතිඥවරුන් ඇතුළු නීතිඥවරුන් විසින් අද (27) කොළඹ දී පැවැත් වූ විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවක දී ලාල් විජේනායක මහතා මේ බව ප්‍රකාශය කළේය.
‘ජාතික ජන බලවේගය විසින් මෙම යෝජනාව අනුමත කර නැහැ’ ලාල් විජේනායක අවධාරණය කළේය.
“මම ජාතික ජන බලවේගය නායකත්ව මණ්ඩලයේ සහ විධායක සභාවේ සාමාජිකයෙක්. විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස දීර්ඝ කිරීම සඳහා මෙවැනි තීරණයක් ජාතික ජන බලවේගය විධායක සභාවක හෝ මා කොටසක් වන වෙනත් කිසිදු සභාවක ගෙන නැහෑ” ඔහු පැවසුවේය.
විජේනායක තවදුරටත් කියා සිටියේ මෙම කාරණය සම්බන්ධයෙන් ප්‍රශ්න මතු කළ විට, ‘නිහඬව සිටින ලෙස’ තමාට පැවසූ බවයි.
“මම මේ ගැන ඇහුවම, මට කට වහගෙන ඉන්න කිව්වා,” ඔහු පැවසීය.
60 වසරක තම දේශපාලන ජීවිතය මූලධර්ම සහ ශිෂ්ට සමාජයක් නිර්මාණය කිරීමේ අරමුණ වටා ගොඩනගා ඇති බවත්, විවිධ පරිපාලන කාලයන් තුළ අධිකරණ ස්වාධීනත්වය සඳහා තමා සටන් කළ බව ලාල් විජේනායක පැවසුවේය.
“මම අදටත් ඒ සඳහා සටන් කරනවා. මෙය අත්තනෝමතික සහ අශිෂ්ට තීරණයක්,” ඔහු වැඩි දුරටත් පැවසුවේය.














