කොළඹ කොටුව – කන්කස්තුරේ තැපැල් දුම්රිය පිලී පනී

කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය ඊයේ (24) රාත්‍රියේ සෙනරත්ගම දුම්රිය ස්ථානයේදී පීලි පැනීමට ලක් වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය මෙහෙයුම් කටයුතු අඩාල වී ඇති බවත් කන්කසන්තුරේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය අනුරාධපුරය දක්වා පමණක් ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බව ද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

පීලි පැනීමට ලක් වූ දුම්රිය පීලිගත කිරීම සඳහා සහන දුම්රියක් එම ස්ථානයට යවා ඇති බවත්, ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website