අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාරට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්ද 116කින් පරාජයට පත්වෙයි

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් ගෙනෙන ලද විශ්වාසභංග යෝජනාව අද (24) පාර්ලිමේන්තුවේදී  වැඩි ඡන්ද 116කින් පරාජයට පත් විය.

යෝජනාවට පක්ෂව ඡන්ද 36ක් ද විපක්ෂව ඡන්ද 152ක් හිමි විය.

පසුගියදා මීගමුව බන්ධනාගාරයේ සිදුවූ සිද්ධියට අදාළව, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාට එරෙහිව විපක්ෂය විසින් ගෙනෙන ලද විශ්වාස භංග යෝජනාව අද පාර්ලිමේන්තුවේදී පෙ.ව 11.30 සිට ප.ව 6.00 දක්වා විවාදට ගත් අතර අනතුරුව ඡන්ද විමසීම පැවැත්විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website