පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කරන ලද අංක 100 දරන විධානය අනුව, පහත සඳහන් සබන් නිෂ්පාදනවල ඇසුරුම හෝ ලේබලය මත අනිවාර්යයෙන් සඳහන් කළ යුතු නව තොරතුරු හඳුන්වා දී ඇත.
අදාළ සබන් වර්ග
ළදරු සබන් — SLS 547
ඇඟ ගල්වන සබන් — SLS 34
රැවුල බෑමේ සබන් — SLS 36
කාබොලික් සබන් — SLS 35
රෙදි සෝදන සබන් — SLS 554
බේදින් බාර් — SLS 1220
මෘදු සබන් — SLS 37
අනිවාර්යයෙන් මුද්‍රණය කළ යුතු තොරතුරු
නිෂ්පාදනයේ නාමය
උපලේඛනයේ සඳහන් නිෂ්පාදන නාමය තද අකුරින්,
සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම ප්‍රධාන මුහුණතෙහි සඳහන් කළ යුතුය;
හෝ
එම භාෂා තුනෙන් භාෂා දෙකකින් ප්‍රධාන මුහුණතෙහිද, ඉතිරි භාෂාව වෙනත් මුහුණතකද සඳහන් කළ යුතුය.
TFM ප්‍රතිශතය
ඇසුරුම් කරන ලද නිෂ්පාදනවල ස්කන්ධය අනුව මුළු මේද ද්‍රව්‍ය ප්‍රතිශතය — Total Fatty Matter (TFM) ලේබලය මත පැහැදිලිව සහ කැපී පෙනෙන ලෙස සඳහන් කළ යුතුය.
එම තොරතුරු මුද්‍රණය කිරීමේදී අවම වශයෙන් මිලිමීටර් 2ක (2mm) තද අකුරු භාවිත කළ යුතුය.
ක්‍රියාත්මක වන දිනය
මෙම විධානය 2027 ජූලි 09 වන දින සිට ක්‍රියාත්මක වේ.
එම දින සිට නියමිත තොරතුරු ඇසුරුම හෝ ලේබලය මත සඳහන් කර නොමැති අදාළ සබන් නිෂ්පාදන,
ආනයනය කිරීම
නිෂ්පාදනය කිරීම
ගබඩා කිරීම
බෙදා හැරීම
තොග හෝ සිල්ලර වශයෙන් විකිණීම
විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම
විකිණීම සඳහා ඉදිරිපත් කිරීම සිදු නොකළ යුතුය.
වැඩිදුර තොරතුරු සඳහා 2026 ජූලි 10 දිනැති අංක 2496/39 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය පරිශීලනය කරන්න.
















