2026 උසස් පෙළ විභාගය කල් දමන්න: පෙත්සම පිළිබඳ අභියාචනාධිකරණ තීන්දුවට දින දෙයි

2026 අ.පො.ස. උසස් පෙළ විභාගය කල් දමන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම විභාග කිරීමට අවසර ලබා දෙනවාද නැද්ද යන්න පිළිබඳ තීරණය ජූලි 23 වන දින ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද (16) පැවසුවේය.

2026 අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් පිරිසක් විසින් ගොනු කරන ලද පෙත්සමක් අද අභියාචනාධිකරණය හමුවේ කැඳවන ලද අවස්ථාවේ අභියාචනාධිකරණය විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේය.

පෙත්සම්කරුවන් සහ නීතිපතිවරයා විසින් කරන ලද කරුණු සමාලෝචනය කිරීමෙන් අනතුරුව, තීන්දුව සඳහා දිනය නියම කරමින් විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website