අද කාලගුණය කොහොමද ? – නිල කාලගුණ අනාවැකිය

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතී.

උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මාතලේ, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) පමණ තද සුළං ඇති විය හැක.

ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය

වැසි තත්ත්වය: මීගමුව සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති විය හැක.

සුළඟ: සුළං නිරිත දෙසින් හමා එයි. හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ කල්පිටිය සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. (40-50) වන අතර, විටින් විට පැ.කි.මී. (50-60) දක්වා වැඩි විය හැක. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි.මී. (30-40) වන අතර, විටින් විට පැ.කි.මී. 50 දක්වා ඉහළ යා හැක.

මුහුදේ ස්වභාවය: හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ කල්පිටිය සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ.

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (2.0 – 2.5) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී.

Search this website