ජනපතිගේ ප්‍රංශ නිල සංචාරය පිළිබඳ සමාජ මාධ්‍ය වාර්තා රජය දැඩිව ප්‍රතික්ෂේප කරයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රංශ නිල සංචාරය වීසා ගැටලු හේතුවෙන් කල් දමා ඇති බවට සමාජ මාධ්‍ය පළ වූ පළ කිරීම් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා තරයේ ප්‍රතික්ෂේප කළේය.

සතිපතා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී කැබිනට් ප්‍රකාශකවරයා පැවසුවේ ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවලින් පසුව සංචාරය සඳහා දිනයන් ප්‍රකාශයට පත් කරන බවයි.

ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවල එකඟතාවයෙන් පසු දෙපාර්ශවයටම පහසු කාල රාමුවක් ප්‍රකාශයට පත් කරන බව ඔහු පැවසීය.

සමාජ මාධ්‍යවල බෙදා ගන්නා සටහන් සැමවිටම විශ්වාසදායක නොවන බව ද අමාත්‍යවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website