මාතර දුම්රිය පොළ ආසන්නයේ රූපලාවන්‍යාගාරයකින් හෙරොයින් කිලෝ 2.45ක් සහ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට

ඊයේ (27) දින සවස මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් සහ කොට්ඨාස දූෂණ මර්ධන ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් විසින් ලද තොරතුරකට අනුව මාතර පොලිස් වසමේ දුම්රියපොල ආසන්නයේ පිහිටි රූපලාවන්‍යගාරයක් වටලා හෙරොයින් කිලෝ 02 ග්‍රෑම් 45 ක්, අයිස් ග්‍රෑම් 56 මිලිග්‍රෑම් 800 ක් හා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා ලද බවට සැකක‍රන මුදල් රුපියල් 625,000/= (හය ලක්ෂ විසිපන්දහසක්), ජංගම දුරකථන 05 ක් සමඟ සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන මාතර පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

සැකකරු අවුරුදු 30 ක් හා සැකකාරිය අවුරුදු 28 ක් වන විලේගොඩ, මාතර ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවලකි.

මොවුන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සමීප සම්බන්ධතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කර ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත.

මාතර පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website