මෑත කාලය තුළ Fecebook Groups (සමූහ) මගින් ළමා හා කාන්තා අපචාර ප්‍රවර්ධනය වන ආකාරයේ ඡායාරූප, AI වීඩියෝ දර්ශන ප්‍රචාරණය වන අයුරු නිරීක්ෂණය වන බව පොලිසිය පවසයි.
ශ්‍රී ලංකා පොලිසියේ නිල ෆේස්බුක් පිටුවේ පළ වූ එම දැනුවත් කිරීමේ නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේ.
මෑත කාලය තුළ Fecebook Groups (සමූහ) මගින් ළමා හා කාන්තා අපචාර ප්‍රවර්ධනය වන ආකාරයේ ඡායාරූප, AI වීඩියෝ දර්ශන ප්‍රචාරණය වන අයුරු නිරීක්ෂණය වේ.
පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය එවැනි Facebook ගිණුම් හඳුනා ගෙන අක්‍රිය කිරීමට අවශ්‍ය පියවර ගෙන සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ද ක්‍රියාත්මක වන බැවින් අපරාධ ප්‍රවර්ධනයට අනුබල දීමක් සිදුකෙරන සමාජ මාධ්‍ය ගිණුම්, සමූහ (Groups) පිළිබඳව තොරතුරු එම කොට්ඨාසයේ පහත විද්‍යුත් තැපැල් ලිපින (Email) වෙත යොමුකරන්න.
Facebook සමාජ මාධ්‍යයෙන් ඔබව අපහසුතාවයට ලක් වූ යම් පළකිරීමක් ඉවත්කිරීම සඳහා –
උදා: – ළමා අපචාර ප්‍රවර්ධනය වන ආකාරයේ ඡායාරූප, වීඩියෝ, AI වීඩියෝ දර්ශන, සමූහ (Groups)
E-mail – ccid.report@police.gov.lk
අපරාධමය වරදක් පිළිබඳව පැමිණිලි කිරීම සඳහා –
උදා: – ඔබේ නිරුවත් ඡායාරූප වැනි ඔබව අපහසුතාවයට ලක්වන ඡායාරූප, වීඩියෝ පිළිබඳව පැමිණිලි කිරීම සඳහා
Email – dir.cid@police.gov.lk
සැ.යු – ඔබ විසින් අදාළ සැකකරු හඳුනන්නේ නම් ඔබ අයත් පොලිස් කොට්ඨාසයේ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශය වෙත හෝ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය වෙත ගොස් සෘජුවම පැමිණිලි කිරීමට කටයුතු කරන්න.
TikTok නිර්මාණ පිළිබඳව පැමිණිලි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCert) වෙත යොමුකරන්න.
Email – report@cert.gov.lk
වැඩිදුර විස්තර සඳහා –
පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ දුරකථන අංකය – 011 2381058 අමතන්න














