ශ්රී ලංකාවේ නැගී එන තරුවක් වන අයෝමාල් අකලංක වසර 26ක් පැරණි ශ්රී ලංකා ජාතික ජවන හා පිටිය වාර්තාවක් බිඳ දමමින් ඉතිහාසයට එක්වී තිබේ.
චීනයේ ඕර්ඩෝස් හි පැවති සමාරම්භක ආසියානු වයස අවුරුදු 23 න් පහළ මලල ක්රීඩා ශූරතාවලියේදී තරඟ වදින අකලංක පිරිමි මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්වෙන් තත්පර 49.03 ක විශිෂ්ට කාලයක් වාර්තා කරමින් රිදී පදක්කම දිනා ගත්තේය.
2000 අගෝස්තු 31 වන දින ඉන්දුනීසියාවේ ජකර්තා හි පැවති ආසියානු මලල ක්රීඩා ශූරතාවලියේදී හරිජන් රත්නායක විසින් පිහිටුවන ලද තත්පර 49.44ක පෙර ජාතික වාර්තාව බිඳ දැමීමට අකලංග සමත් වූ අතර අකලංක, පෙර වාර්තාව තත්පර 0.41කින් අතිවිශිෂ්ට ලෙස අභිබවා ගියේය.
මෙම රිදී පදක්කම ආසියානු වයස අවුරුදු 23 න් පහළ මලල ක්රීඩා ශූරතාවලියේදී ශ්රී ලංකාව දිනාගත් පළමු පදක්කම ද වෙයි.















