අධිකරණ සේවා සංගමයේ සභාපති ධුරයෙන් මහේස්ත්රාත් පසන් අමරසේන මහතා ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.
අධිකරණ සේවා සංගමයේ ලේකම්වරයා විසින් අද (11) කැඳවන ලද විශේෂ මහා සභා රැස්වීමක් වටා ඇති වූ මතභේදයකින් පසුව මෙම ඉල්ලා අස්වීම සිදුවී ඇත.
අධිකරණ සේවා සංගමයේ සභාපති පසන් අමරසේන මහතා විසින් සාමාජිකයින්ට තම ඉල්ලා අස්වීම දැනුම් දෙමින් සහ ඔහුගේ තීරණයට හේතු දක්වමින් ලිපියක් ද නිකුත් කර ඇත.
අධිකරණ සේවා සංගමය විසින් කැඳවන ලද විශේෂ මහා සභා රැස්වීම අද (11) පෙ.ව. 10:00 ට පමණ කඩුවෙල මහේස්ත්රාත් අධිකරණ පරිශ්රයේදී පැවැත්විණි.














