මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ (සංශෝධන) ඇතුළු පනත් කෙටුම්පත් තුනක් පාර්ලිමේන්තුවේ දී සම්මත වෙයි

මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත ශ්‍රේෂඨාධිකරණ නියෝගයට අනුව ( 14 වැනි වගන්තියට) විශේෂ බහුතරයකින් ද , මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත ජන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සහ ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති (සංශෝධන) පනත් කෙටුම්පත ජන්ද විමසීමකින් තොරව සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී අද (09) සම්මත විය.

මෙම පනත් කෙටුම්පත් මඟින් මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම සහ මූල්‍ය අපරාධ වැළැක්වීම සඳහා පවතින නීතිමය රාමුව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව තවදුරටත් ශක්තිමත් කිරීම, මූල්‍ය පද්ධතියේ විනිවිදභාවය ඉහළ නැංවීම සහ මූල්‍ය ගනුදෙනු පිළිබඳ නියාමන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීම අපේක්ෂා කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website