මීගමුවෙන් මාරු කරන යවන ලද රැඳවියන්ගේ ජීවිත අනතුරේ –  සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව

එම කමිටුව අද (07) රාත්‍රියේ නිකුත් කරන ලද හදිසි නිවේදනයක සඳහන් වන්නේ මාරු කරන ලද රැඳවියන් ඔවුන් නැවත ස්ථානගත කර ඇති බන්ධනාගාරවල වධහිංසා පමුණුවන බවට තම කමි‌ටුවට තොරතුරු ලැබී ඇති බවයි.

බන්ධනාගාර වලට මාරු කරන ලද රැඳවියන් දැඩි ලෙස පහර දී ඇති බවත්, සමහරුන්ගේ කකුල් කැඩී ඇති බවත්, ඔවුන්ගේ පිටුපසට කැපුම් ඇතුළු බරපතල තුවාල සිදුවී ඇති බවත් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව වැඩි දුරටත් පැවසුවේය.

වැලිකඩ බන්ධනාගාරයට මාරු කරන ලද රැඳවියන්ට තවදුරටත් පහරදීම් සිදුකිරීමට සූදානම් වෙමින් පවතින බවට ද එම කමිටුව හෙළි කළේය.

එවැනි පහරදීම් නැවැත්වීමට වහාම මැදිහත් වන ලෙසත්, තුවාල ලැබූ රැඳවියන්ට කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙසත්, මීගමුව බන්ධනාගාරයෙන් මාරු කරන ලද සියලුම සිරකරුවන්ගේ ආරක්ෂාව සහතික කරන ලෙසත් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website