බස්නාහිර පළාතේ අධි අවදානම් සහිත ඩෙංගු කලාප 23ක් ආවරණය වන පරිදි හෙට (5) සිට විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
” Clean Sri Lanka” වැඩසටහනේ සම්බන්ධීකරණය යටතේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක වන අතර සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පළාත් පාලන ආයතන මෙන්ම ස්වේච්ඡා සංවිධාන ඇතුළු විවිධ රාජ්‍ය සහ ප්‍රජා කොටස්කරුවන්ගේ කණ්ඩායම්වල ඒකාබද්ධ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.














