හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා තමාට නියම කරන ලද වසර 16ක බරපතල වැඩ සහිත සිර දඬුවම සහ ඒ ආශ්‍රිත දඩ මුදල් අවලංගු කරන ලෙස ඉල්ලා අභියාචනා ගොනු කර තිබේ.
2006 දී සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ධුරය දැරූ කාලය තුළ මූල්‍ය විෂමාචාර චෝදනා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ඔහුට එරෙහිව නඩු හතරක් ගොනු කර ඇත.














