දේශගුණික විපර්යාස යනු දේශපාලන භේදයකින් තොරව සමස්ත ජනතාවටම බලපාන බැවින් මෙය ජාතික සමගිය පෙරදැරි කර ගෙන පක්ෂ භේදයෙන් තොරව සැවොම එකට එකතු වී නිසි පරිදි කළමනාකරණය කර ගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය.
විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) රැස් වූ ජාතික ආපදා කළමනාකරණ සභාවේදීය.
දේශගුණික විපර්යාසවලට මුහුණ දීමටක් ආපදා කළමනාකරණය සාර්ථකව සිදු කර ගැනීමටක් සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම ආවරණය වන විද්‍යාත්මක ප්‍රවේශයක් අනුගමනය කිරීමේ වැදගත්මක ද විපක්ෂ නායකවරයා මෙහි දී පෙන්වා දුන්නේය.












