
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 102 වැනි ජන්ම දිනය නිමිති කර ගෙන තිස්සමහාරාම යෝධකණ්ඩිය බෝධිමහා විහාරස්ථානයේ පරිභෝජනය සඳහා රුපියල් 1,280,000ක් වටිනා Ro plant-ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු පද්ධතියක් පරිත්‍යාග කිරීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතින් ඊයේ (28) සිදු විය.
යෝධකණ්ඩිය බෝධිමහා විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය කිරින්දේ සුමනසිරි ස්වාමීන් වහන්සේගේ ඉල්ලීම අනුව මෙම Ro plant-ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු පද්ධතිය ඉදිකර පරිත්‍යග කිරීම සිදු විය. මේ අවස්ථාව සඳහා තිස්සමහාරාම යෝධකණ්ඩිය ප්‍රදේශයේ දේශපාලනඥන් ඇතුළු විශාල පිරිසක් එක්විය














