2025 / 2026 සාමාන්‍ය පෙළ විභාගය සඳහා සහතික නිකුත් කිරීම මාර්ගගත පද්ධතියක් හරහා පමණක් සිදු කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මියගේ අත්සනින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වේ.
අපේක්ෂකයින් තම සහතික ලබා ගැනීම සඳහා https://certificate.doenets.lk/certificate හරහා මාර්ගගතව අයදුම් කළ යුතු අතර තැපැල් සේවය හරහා ඔවුන්ගේ නිවෙස්වලට සහතික ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගන්නා බව ද නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.













