මැතිවරණවලදී නොමැකෙන තීන්ත භාවිත කර ඡන්ද දායකයා සලකුණු කිරීම පිළිබඳ නීතිමය ප්‍රතිපාදන ඉවත් කිරීමට රජය තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් වන යෝජනාව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පසුගිය දා රැස් වූ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අතර, ජනපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
ඒ අනුව, 1981 අංක 15 දරන ජනාධිපතිවරණ පනතේ 36 වන වගන්තිය, 1981 අංක 01 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 38 වන වගන්තිය, 1988 අංක 02 දරන පළාත් සභා මැතිවරණ පනතේ 36 වන වගන්තිය, පළාත් පාලන ආයතන මැතිවරණ ආඥා පනතේ 53A වගන්තිය (262 පරිච්ඡේදය) යන ප්‍රධාන මැතිවරණ නීති විධිවිධාන පහක්, එනම් 1981 අංක 07 දරන ජනමතවිචාරණ පනතේ 21 වන වගන්තිය අවලංගු කිරීම සඳහා පනත් කෙටුම්පත් සකස් කිරීමට සහ ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
















