ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකිරීම තුළින් ජාතීන් අතර සංහිඳියාව බිඳ හෙළීමට ක්‍රියා කළේ යයි චෝදනාවට වරදකරු කළ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කරනු ලැබූ මාස 09ක සිරදඬුවම කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් තහවුරු කළේය.
එම සිරදඬුවමින් තමන්ව නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කළ අභියාචනය ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහාධිකරණ විසින් අද (23) මෙම තීන්දුව ලබා දුන්නේය.
2016 වසරේ කිරුළපන ප්‍රදේශීය පැවති මාධ්‍ය හමුවකදී ඉස්ලාම් දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකිරීම තුළින් ජාතීන් අතර සංහිඳියාව උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කළේ යැයි චෝදනා කරමින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ පොලීසිය විසින් ඥානසාර හිමියන්ට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණේය.














