දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 102 වැනි ජන්ම දිනයට සමගාමීව දිට්වා සුළි කුණාටුවෙන් විශාල වශයෙන් හානියට පත් වූ මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නඟා සිටුවීමේ අරමුණින් මහනුවර ජාතික රෝහල වෙත රු. ලක්ෂ 48ක් වටිනා හිමෝ ඩයලසිස් යන්ත්‍රයක් ‘හුස්ම’ වැඩසටහන යටතේ පරිත්‍යාග කිරීම අද (22) සිදු විය.
සමගි ජන බලවේගයට අනුබද්ධිත සමගි තරුණ බලවේගය විසින් මෙම පරිත්‍යාග කිරීමේ කටයුතු සංවිධානය කරන ලදී.
මේ අවස්ථාව වෙනුවෙන් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි චමින්ද්‍රානි කිරිඇල්ල මහත්මිය ඇතුළු විශාල පිරිසක් එක්වූහ.
සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක ‘හුස්ම’ වැඩසටහනේ 77 වැනි අදියර ලෙස මෙය ක්‍රියාත්මක වූ අතර මේ වන විට හුස්ම වැඩසටහන සඳහා පමණක් ලක්ෂ 2388ක් සමගි ජන බලවේගය විසින් වැය කර තිබේ.















