පසුගිය පැය 24 තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 1,069ක් වාර්තා වූ බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසීය.
වසංගත නොවන කාල වලදී, රට තුළ සාමාන්‍යයෙන් දිනකට ඩෙංගු රෝගීන් 150 ත් 200 ත් අතර සංඛ්‍යාවක් වාර්තා වන බව ද ඔහු පැවසුවේය.
මේ වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 47,179 දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ 28ක් වාර්තා වී ඇති බව ද කන්නන්ගර මහතා පැවසුවේය.














